විදෙස්

ජනපති ට්‍රම්ප් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා අතර සාකච්ඡා

(උදයම්,ඇමෙරිකාව)  –  ඊයේ වොෂින්ටන් නුවර ධවල මන්දිරයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස්  සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් පැවැත් වුණි.

ඒ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල තානාපතිවරුන් සමඟ පැවැත්වෙන සාකච්ඡාවට පෙර බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මීට පෙර අන්තෝනියෝ ගුටේරස් ඇමරිකානු ජාතික ආරක්ෂක උපදේශක ජෙනරාල් මැක් මස්ටර් ද මුණගැසුණි.

ජගත් මහලේකම්වරයා සහ ජනපති ට්‍රම්ප් ඇමරිකාව සහ ජගත් සංවිධානය අතර ඇති  සහයෝගීතාව සම්බන්ධයෙන් ඵලදායී සාකච්ඡාවක නිරත වූ බව විදෙස් වාර්තා වල දැක්වේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top