දේශීය

ඡන්දය බලාගෙන ප්‍රකාශ නිකුත් නොකරන්න.හිටපු ඇමති රිෂාඩ් පොලිස් ප්‍රකාශකට කියයි

(UTV |කොළඹ) – මැතිවරණය ආසන්නයේ දේශපාලකයින් මෙන් ඡන්දේ කිරීමට ප්‍රකාශ නිකුත් නොකරන්නැයි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

හිටපු අමාත්‍යවරයා මෙම ප්‍රකාශය සිදු කළේ  ඊයේ(20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමිනි.

හිටපු අමාත්‍යවරයා ලංකා සතොස ආයතනය සදහා සහල් ආනයනය කිරීමේදී සිදුවූ වංචාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාලව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ප්‍රකාශයක් ලබා දුන්නේය.

එහිදී මාධ්‍යවේදීන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු දෙමින් පැවසුවේ

”හාල් සතොස ගබඩාවල තිබුණා. දවස් 52 කාලයේදී එම අමාත්‍යංශයෙන්ම මාව අයින් කරලා වෙන අමාත්‍යවරයෙක් පත්කරලා තිබුණා. මම පත්කරපු සභාපතිවරයාවත් අයින් කරලා වෙන සභාපතිවරයෙක් පත් කරලා තිබුණා.

ආපහු එම අමාත්‍යංශයට දෙසැම්බර් මාසයේ 20 වෙනිදා මම පත්වුණාම මම පත් කරපු සභාපතිතුමා ඇවිල්ලා මට කිව්වා ගබඩාවල තිබුණ හාල් හොරකම් වෙලා තියෙනවා යම් ප්‍රමාණයක් අඩු වෙලා තියෙනවා කියලා. ඒ වෙලාවෙදී මම උපදෙස් දුන්නා ඒවා පරීක්ෂණය කරන්න කියලා ඉන්ටර්නල් ඔඩිට් එකට බාර දෙන්න කියලා. ඒ ඔඩිට් රිපෝට් වාර්තාව ලැබුණ ගමන් ජෙනරල් ඔඩිට් එකට එවන්න කිව්වා. ඒ වගේම වාර්තාවේ කොපියල් CID එකට දීල පැමිණිල්ලක් දාන්න කියලා මම සභාපතිවරයාට උපදෙස් දුන්නා.

ඒ අනුව එතුමා CID එකට දාපු පැමිණිල්ල අනුව ඒකට සාක්ෂි දෙන්න කියලා මට අද එන්න කියලා තිබුණා. මම ගිහිල්ලා සාක්ෂි දීල එන ගමන්.

මෙහිදී බදියුදීන් මහතා පැවසුවේ තම සහෝදරයා පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පදනම් විරහිතව චෝදනා නගන බවයි.

ත්‍රස්ත කටයුතු සඳහා තම සහෝදරයා වාහන හෝ මුදල් ලබා දුන්නේ නම් ඒ පිළිබඳව අධිකරණයට සාක්‍ෂි ඉදිරිපත් කළ යුතුයි. වාහන දුන්නේ නම් එම වාහන අංක හෝ මුදල් ලබා දුන්නේ නම් කොපමණ මුදල් ප්‍රමාණයක්ද යන්න හෙළි කරන ලෙස රිෂාඩ් බදියුදීන් මහතා සඳහන් කළේය.

එසේ නොමැතිව ඡන්දය වෙනුවෙන් ප්‍රකාශ නිකුත් නොකරන ලෙසද හිටපු අමාත්‍යවරයා පොලිස් ප්‍රකාශකවරයාගෙන් ඉල්ලීමක් කළේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top