විදෙස්

චීනයේ රසායනික කම්හලක සිදුවූ පිපිරීමකින් 44ක් මරුට.

(UTV| චීනය) – චීනයේ යැංචෙන්ග් නුවර රසායනික කර්මාන්තශාලාවක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් 44 දෙනෙකු මියගොස් ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය සඳහන් කරයි.

මෙම අනතුරින් 640 දෙනෙකු තුවාල ලබා ඇති අතර පුද්ගලයන් 16ක් රෝහල් ගත කර තිබේ.

පොහොර නිෂ්පාදනය කරන මෙම කර්මාන්තශාලාවේ පිපිරීම සිදුවන අවස්ථාවේ රික්ටර් පරිමාණයේ 2.2ක භූ කම්පනයකට සමාන කම්පනයක් සිදුව ඇති බව එරට පොලිස් බලධාරීන් පවසයි.

එම කම්හලේ පිපිරීමත් සමඟ ඊට සම්බන්ධ ගොඩනැගිලි කිහිපයක් කඩා වැටී ඇත.

තවද සේවකයන් රැසක් සුන්බුන් අතර සිරව ඇති අතර පිපිරීමත් සමඟ ඇති වූ ගින්න මැඩ පවත්වා ඇත්තේ පැය කිහිපයකින් පසුව බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top