දේශීය

ගෙවුණු දිනයේ හෙරොයින් සමග සැකකරුවන් 9 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – ගෙවී ගිය දිනයේ ග්‍රෑම් 36 කට ආසන්න හෙරෙයින් සමග ස්ථාන කිහිපයකදී සැකකාරියක ඇතුළු සැකකරුවන් 9 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.   

පොලිස් මූලස්ථානය නිවේදනය කළේ, ඒ අතරින් සැකකාරිය ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු ම බොරැල්ල පොලිස් වසම තුළදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.

හෙරොයින් ග්‍රෑම් 5 යි මිලිග්‍රෑම් 600 ක් සමග මැගසින් පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති කාන්තාව 40 වැනි වියේ පසුවේ.

බොරැල්ලෙදී අත්අඩංගුවට ගත් අනෙක් සැකකරුවන් 37, 53, 40, 29 යන වයස්වල පසුවන බොරැල්ල, දෙමටගොඩ , දෙහිඅත්තකණ්ඩිය, මට්ටක්කුලිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

තවත් සැකකරුවන් දෙදෙනකු ගල්කිස්ස පොලිස් වසම තුළදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් දෙදෙනා 43 සහ 47 හැවිරිදි හොරණ සහ රත්මලානේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

ග්‍රෑම් 6 කට ආසන්න හෙරොයින් සහ ජාවාරමෙන් උපයා ගත් බවට සැක කෙරෙන රුපියල් 75,000ක මුදලක් ද සමග 37 හැවිරිදි අනෙක් සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ, උරගස්මංහන්දියේදී ය.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top