දේශීය

ගෙවතු වගාවට යොමුවන්නැයි අගමැතිගෙන් ඉල්ලීමක්

(UTV | කොළඹ) – කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් නිවසේ ගතකරන කාලය තුළ ඉදිරි ආහාර අර්බුදයට මුහුණදීම වෙනුවෙන් ගෙවතු වගාවට යොමුවන්නැයි අග‍්‍රාමත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

දේශීය ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම දිරිමත් කිරිම තුළින් ඉදිරියේදී ඇති විය හැකි ගෝලීය ආහාර අර්බුදයට ශක්තිමත්ව මුහුණ දීම සදහා මෙරට කෘෂිකර්මාන්තය දියුණු කිරිමට වහාම පියවර ගත යුතුව ඇති බවද අග‍්‍රාමාත්‍යවරයා ජනතාවට දැනුම් දෙයි.

මහා පරිමාණ කෘෂි කර්ම වැඩපිළිවෙල ආරම්භ කිරිම සේම ගෙවතු වගාව පිළිබදව අවධානය යොමු කරමින් සෑම බිම් අඟලක්ම වගා කිරිම සදහා අවශ්‍ය පහසුකම් සලසන ලෙසට ද අග‍්‍රාමාත්‍යවරයා ගොවිජන සේවා කොමසාරිස්වරයාට ද උපදෙස් ලබා දී තිබේ.

ගෙවතු වගාව දිරිමත් කිරීම සදහා ප‍්‍රාදේශීය ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් අවශ්‍ය පොහොර සහ බීජ නිකුත් කිරීමට කටයුතු කරන ලෙසත්, ඒ සදහා වන උපදෙස් ප‍්‍රාදේශීය කෘෂි නිලධාරින් හරහා ජනතාවට ලබාදීමට පියවර ගන්නා ලෙසත් අග‍්‍රාමාත්‍යවරයා ගොවිජන සේවා කොමසාරිස්වරයාට වැඩිදුරටත් උපදෙස් ලබා දී ඇත.

මෙම වසංගතය පාලනය කිරීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළට සහාය දෙන ලෙසත් අග‍්‍රාමාත්‍යවරයා සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටියි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top