විදෙස්

කෝවිඩ් අතුරු ප්‍රතිඵල : චීනයේ අපනයන වලට ප්‍රබල බලපෑමක්

වෙළඳපල භාණ්ඩ සදහා පවතින ඉල්ලුම අඩුවීම සහ ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය හේතුවෙන් පසුගිය දෙවසරක කාල සීමාව තුලදී පළමු වරට පසුගිය ඔක්තෝම්බර් මාසයේදී චීනයේ නැව්ගත කිරීම් හි පසුබෑමක් පෙන්නුම් කරනු ලබන අතර ඉදිරියේදී එම තත්ත්වය තවත් වර්ධනය වෙනු ඇති බවට ආර්ථික විශේෂඥයින් පුරෝකථනය කර තිබේ.

චීන රේගුව විසින් නිකුත් කරන ලද දත්ත වලට අනුව, අපනයන කාණ්ඩයේ වර්ධනය අපේක්ෂිත රාමුවට වඩා සැලකිය යුතු ලෙස කඩා වැටීමක් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.

පසුගිය වසරේ මෙම කාලසීමාව වන විට පැවති අපනයන ආදායම ඉකුත් සැප්තැම්බර් මාසය සමග සැසදීමේදී සියයට 0.3කින් අඩුවී ඇති අතර සමස්තයක් වශයෙන් ගත් කළ එය අමෙරිකානු ඩොලර් 298.37ක කඩා වැටීමකි.

2020 වර්ෂයේ මැයි මාසයෙන් පසු අපනයන වර්ධනයේ සෘණ 0.3ක අඩු අගයක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය බවයි Nomura සමාගමේ ආර්ථික විද්‍යාඥ Lu Ting ප්‍රකාශ කරයි.

චිනයේ ක්‍රියාත්මක ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තිය හේතුවෙන් එරට ආර්ථිකයට එල්ලකර ඇති බලපෑම සුළුපටු නොවන බව ආර්ථික විද්‍යාඥයින්ගේ මතයයි.

විශේෂයෙන් ගත් කළ සුප්‍රකට ඇපල් අයි-ෆෝන් ජංගම දුරකථන නිෂ්පාදනය කරනු ලබන Foxconn කර්මාන්ත ශාලාව ආශ්‍රිත Zhengzhou ප්‍රාන්තය අගුලු දැමීම හේතුවෙන් අයිෆෝන් 14 මාදිලියේ දුරකථන නැව්ගත කිරීම ප්‍රමාද වූ අතර ඒ සම්බන්ධයෙන් ඇපල් සමාගම නිවේදනයක් ද නිකුත් කර සිය පාරිභෝගිකයින්ට ඇතිවිය හැකි ප්‍රමාදය පිළිබඳව දැනුම් දී තිබුණි.

අග්නිදිග ආසියාතික ජාතීන්ගේ සංගමයේ රටවල් 10 චීනයේ විශාලතම වෙළඳ සහකරු ලෙස අඛණ්ඩව පැවතුන ද යුරෝපීය සංගමය සහ අමෙරිකාව ද චීනයේ භාණ්ඩ ලබා ගන්නා ප්‍රධාන රටවල් අතර විය.

චීනය විසින් අග්නිදිග ආසියාතික ජාතීන්ගේ සංගමයේ රටවල් 10 ඉලක්ක කර සිදුකරන අපනයන ඔක්තෝම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 48.9 දක්වා ඉහළ ගොස් ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව සියයට 20.3 කින් වැඩි වූ අතර ආනයන සියයට 4.6 කින් ඇමරිකානු ඩොලර් බිලියන 33.3 දක්වා ඉහළ ගොස් ඇත.

නමුත් යුරෝපා සංගමයට කරන ලද අපනයන ඔක්තෝම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියන 44.1 දක්වා වසරකට පෙර වසරට සාපේක්ෂව සියයට 9 කින් අඩු වූ අතර අමෙරිකාවට සිදුකරනු ලබන අපනයන සියයට 12.6 කින් එනම්, ඩොලර් බිලියන 47 දක්වා පහත වැටී තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top