දේශීය

කොළඹ ප්‍රදේශ රැසකට පැය 16 ක ජල කප්පාදුවක්

(UTV | කොළඹ) – කොළඹ ප්‍රදේශ රැසකට ලබන සෙනසුරාදා (8) උදෑසන 8.00 සිට රාත්‍රී 12.00 දක්වා පැය 16 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ අනුව ජල සැපයුම අත්හිටුවන බල ප්‍රදේශ පහත පරිදි වේ.

කොළඹ , දෙහිවල – ගල්කිස්ස , කෝට්ටේ , කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ / මහරගම , බොරලැස්ගමුව , කොලොන්නාව නගර සභා බල ප්‍රදේශ / කොටිකාවත්ත , මුල්ලේරියාව ප්‍රාදේශීය සභා ප්‍රදේශ සහ රත්මලාන

ජල සම්පාදන මණ්ඩලය නිවේදනය කරන්නේ, අඹතලේ ජල පොම්පාගාරයට සැපයෙන විදුලි සැපයුමේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිුවන බවයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top