දේශීය

කොවිඩ් 19 ව්‍යාප්තිය හමුවේ පීඩාවට පත් විගමණික ශ්‍රමිකයින්ට සහන රැසක්

(UTV | COVID-19) –  කොරෝනා වෛරසය ලොව පුරා පැතිරයාමත් සමග විදේශ රැකියාවල නිරත වී සිටින විගමණික ශ්‍රමිකයින් සම්බන්ධව වහාම මැදිහත්වි කටයුතු කිරීමට විදේශ සේවා නියුක්ති කාර්යාංශය පියවරගෙන තිබේ.

ඒ අනුව විදේශ දූත මණ්ඩල 16 ක කම්කරු සුභසාධන අංශ හා ඍජුව සම්බන්ධ වී අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා විසින් අදාල නිළධාරින්ට උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව විදේශ දූත මණ්ඩල 16 ක කම්කරු සුභසාධන අංශ වෙත දැනටමත් කාර්යාංශයේ කම්කරු සුබසාධන අරමුදල මගින් වෙන්කොට ඇති ප්‍රතිපාදන භාවිතාකර වසංගතයෙන් පීඩාවට පත් විගමණික ශ්‍රමිකයින්ට අවශ්‍ය පහසුකම් කඩිනමින් ලබා දී තිබේ.

අබුඩාබි, බහරේන්, සයිප්‍රස්, ඩුබායි, ඊශ්‍රායෙල්, ජෝර්ඩාන්, කුවේට්, ලෙබනන් මැලේසියා, ඕමාන්, මාලදිවයින්, කටාර්, රියාද්, දකුණු කොරියාව හා සිංගප්පූරුව එම විදේශ දූත මණ්ඩල 16 ක පිහිටි කම්කරු සුභසාධන අංශ අතර අයත්වේ.

එමගින් මෙම වසංගත තත්වය මත විගමණික ශ්‍රමිකයින්ගේ දැනට පවතින නීතිමය තත්වය නොසලකා සහන ලබා දීමට කටයුතු කරන ලදී.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පැය 24 පුරා ක්‍රියාත්මක 1989 ක්ෂණික දුරකථන අංකය ඔස්සේ විගමණික ශ්‍රමිකයින් සම්බන්ධව තොරතුරු ලබාගැනිමට පහසුකම් සලසා ඇති අතර එමගින් ලබාගත් තොරතුරු අදාල ශ්‍රමිකයින් සිටින රටවල තානාපති කාර්යාලවල කම්කරු සුභසාධන අංශ වෙත යොමු කොට විසදුම් ලබාදෙමින් තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top