දේශීය

කොවිඩ් -19 අරමුදලේ ශේෂය මිලියන 902 ඉක්මවයි

(UTV| කොවිඩ් 19) – කොවිඩ් – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 902 ඉක්මවා ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමග මෙම අරමුදලේ ශේෂ්‍ය බහළ ගොස් ඇත.

ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරණ විශේෂ ගිණුමට පරිත්‍යාග බැර කෙරෙන අතර දෙස් විදෙස් පරිත්‍යාගශීලිහු ගිණුමට දායක වී සිටියි.

නීත්‍යානුකූල ගිණුම් මගින් අරමුදලට කෙරෙන පරිත්‍යාග මුදල් බදු සහ විදේශ විනිමය රෙගුලාසිවලින් නිදහස් කර ඇති අතර , චෙක්පත් හෝ ටෙලි ග්‍රාෆ් සම්ප්‍රේෂණ මගින් මුදල් තැන්පත් කිරීමට හැක.

දුරකථන අංක 011 – 2354479 , 011 – 2354354 ඔස්සේ අධ්‍යක්ෂ ජනරාල් (පරිපාලන) කේ.බී. එගොඩවෙලේ මහතා අමතා වැඩිදුර තොරතුරු ලබාගත හැකියි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top