දේශීය

කොවිඩ් නව වෛරස් ප්‍රභේදය මෙරටට පැමිණීම වලක්වා තිබෙනවා – සෞඛ්‍ය අංශය

(UTV |කොළඹ) – මහා බ්‍රිතාන්‍යයේ තුළ පැතිර යමින් පවතින නව වෛරස් ප්‍රභේදය මෙරටට පැමිණීම වැළැක්වීමට  ගත හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්සින බව සෞඛ්‍ය අංශය පවසයි.

ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසන්නේ යම්කිසි ආකාරයකින් එම වෛරසය මෙරටට ඇතුළු වුවහොත් වාර්තා වන ආසාදිතයින්ගේ විශාල වැඩිවීමක් සිදුවිය හැකි බවයි.

අද (22)  කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා මේ බව පැවසීය.

“මේ අවස්ථාවේ දී අපට වාර්තා වෙනවා කොවිඩ් – 19 වෛරසයේ නව ප්‍රභේදයක් පැතිරෙන බවට. ඒ ප්‍රභේදය කලින් වෛරසය පැතුරන වේගයට වඩා සියයට 70ක වේගයෙන් පැතිරෙන බවට තොරතුරු ලැබී තිබෙනවා” යැයි වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේය.

“විශේෂයෙන් බටහිර සමහර රටවල් මේ අවස්ථාව වන විටත් මහා බ්‍රිතාන්‍යයට සංචරණ සීමා පනවලා තියෙනවා. ඒ වගේම අපිත් ඉතාමත්ම විමසිල්ලෙන් මේ තත්ත්වය පිළිබඳව පසුවෙනවා. ලංකාවටත් මහා බ්‍රිතාන්‍යයේ සිට සංචාරකයින් පැමිණෙනවා. ඒ වගේම යුරෝපයේ සිට පැමිණෙනවා. යම්කිසි ආකාරයකින් මේ වෛරසය අපේ රටට ඇතුළු වුවහොත් කොහේ හෝ තිබුණ අඩුපාඩුවක් නිසා විශාල රෝගීන් ප්‍රමාණයක් අප රට තුළ වාර්තා වෙයි. ඒ වගේම රෝගීන් සඳහා ඇඳන් සෙවීම, ඒ වගේම දැඩි සත්කාර ඒකක සකස් කිරීම දුෂ්කර වෙන්න පුළුවන්. ඒ නිසා මේ වෛරසයේ අලුත් ප්‍රභේද අප රට තුළට ඇතුළු වීමට තියෙන සියලුම ඉඩකඩ ඇහිරීම මේ අවස්ථාවේ දී කළ යුතු බව ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අවධාරණය කළේය.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top