දේශීය

කොරෝනා රෝගීන් 25ක් කොළඹ දිස්ත්‍රික්කයෙන්

(UTV|කොළඹ) – මේ වන විට මෙරට කොරෝනා ආසාදිතයන් වැඩිම ප්‍රමාණයක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.

කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 25 දෙනකු අද වන විට වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

කළුතර දිස්ත්‍රික්කයෙන් 15ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 10ක්, පුත්තලමෙන් 09ක් ලෙස වාර්තා වේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top