ගොසිප්

කොරෝනා පාලනයෙන් ශ්‍රී ලංකාව නවසීලන්තයටත් වඩා ඉදිරියෙන්

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය පාලනය කිරීම අතින් ශ්‍රී ලංකාව අද සිටින්නේ සියලු රටවලට වඩා ඉදිරියෙන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා සඳහන් කරයි.   

ඔහු මේ අදහස් පළකර සිටියේ පාර්ලිමේන්තු සභාව අමතමින්.

පළමු වැනි කොවිඩ් රැල්ල මර්දනය කරපු ලෝකයේ පළමු රටවල් 10 අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වුණා. දෙවැනි කොවිඩ් රැල්ලත් අපි සාර්ථකව ජයගන්න, ලෝකෙට සාපේක්ෂව අපේ රටේ ජනතාවට ආරක්ෂාව සපයන්න සමත්වුණා කියන කාරණය. දැන් මේ තුන් වැනි කොවිඩ් රැල්ල සම්බන්ධයෙන් අපේ රට ජයග්‍රහණයන් ලබාගෙන තිබෙනවා ද? නැතිනම් පරාජයන්ට මුහුණ දී සිටිනවා ද?

මම උත්සාහ දැරුවා ලෝකය හැටියටත් ඊළඟට ප්‍රධාන රටවල් පහක් සමඟත් ඉන්දියාව, ඇමරිකාව, ඉතාලිය ලෝකයේ හොඳටම කොවිඩ් පාලනය කරනවා යැයි සැලකෙන නවසීලන්තය සහ චීනය සමඟත් අපේ රට යම් සංඛ්‍යාත්මක දත්ත ඇසුරු කරගෙන සැසඳීමක් කරන්න.

අපි ඒක ජනගහණයට රෝගී අනුපාතය විදියට බැලුවොත් එහෙම 1.9865 %. ඉන්දියාව හැටියට ගත්තොත් එහෙම ඉන්දියාවේ එකසියතිස්අට කෝටියකට අධික වූ ජනගහණයකින් රෝගීන් දෙකෝටි හයලක්ෂ පනස්අටදහස් දෙසීය තිස්හතරක් වෙනවා. මේක අපි ප්‍රතිශත හැටියට බැලුවොත් එහෙම 1.497%. කාලය ගතවන නිසා මේ සංඛ්‍යා දත්ත සියල්ල කියන්නේ නැතිව අනුපාත හැටියට සැලකුවහොත්, අපි ලෝකයත් එක්ක ගත්තාම, ලෝකයේ ජනගහණය රෝගී වූ ප්‍රතිශතයට වඩා අපේ රට 3.7 ගුණයක් ඉදිරියෙන් සිටිනවා. අපි ඉන්දියාවත් එක්ක ගත්තොත් එහෙම ඉන්දියාවේ ඒ ප්‍රතිශතයට වඩා 2.8 ගුණයක් ඉදිරියෙන් සිටිනවා. ඇමරිකාව සමග සංසන්දනය කළොත් අපි ඊට වඩා දහඅට ගුණයක් ඉදිරියෙන් සිටිනවා. ලෝකයේ හොඳටම කොවිඩ් පාලනය කෙරෙනවා යි පිළිගැනෙන නවසීලන්තය සමඟ සැසඳුවහොත් අපි ඊට වඩා 9.9 ගුණයක් පසුපසින් සිටින්නේ.

හැබැයි නියෝජ්‍ය කතානායකතුමනි, රෝගී වූ සංඛ්‍යාවෙන් මරණයට පත් වූ සංඛ්‍යාවේ අනුපාතය අපි ගත්තොත් ලෝකය හැටියට ඒ අනුපාතය 2.09%ක්. ඇමරිකාවේ මේ අනුපාතය 1.78% ක්. ඉන්දියාවේ එම අනුපාතය 1.09% ක්. නවසීලන්තයේ මේ අනුපාතය 0.99% ක්. ලංකාවේ මේ අනුපාතය ඒ සියල්ලටම වඩා, නවසීලන්තයටත් වඩා ඉතා ම හොඳ අගයක පවතිනවා. ඒ 0.61% ක්.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top