දේශීය

කොරෝනා පාලනයට චීනයෙන් තවත් වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්

(UTV | කොවිඩ් 19) – කොරෝනා වෛරසය රට තුල පැතිරීම පාලනය සහ වැළැක්විම සඳහා චීන රජය විසින් අද (27) රුපියල් මිලියන 211 කට අධික වටිනාකමකින් යුතු අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ සහ ආරක්ෂිත සෞඛ්‍ය උපකරණ තොගයක් මෙරටට පරිත්‍යාග කරනු ලැබීය.   

ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන  තානාපති Hu Wei මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශයේදී මෙම ප්‍රදානය කර ඇත.

චීන රජය විසින් මෙරට කොරෝනා වෛරසයට එරෙහි සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරීම සදහා ලබාදුන් වෛද්‍ය උපකරණ අතර Novel Coronavirus (2019-ncoV)Nucleic Acid Diagnosic Kit (PCR-Fluorescence PProbing) 20016 ක් ද , Medical Protective Face Mask 10000 ක්ද , Surgical mask 100000 ක්ද, Disposable Coverall 10000 ක්ද, Medical Goggle 1000 ක්ද, Single -use Rubber Sugial Gloves 5000 ක්ද වේ.

ඒමෙන්ම කොරෝනා මර්ධනය සදහා චීනය ගත් ක්‍රියාමාර්ග ඇතුලත් වාර්ථාවක් ද වැඩ බලන චීන තානාපති Hu Wei මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත ප්‍රදානය කරන ඇත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top