දේශීය

කොරෝනා ගැන සමාජ මාධ්‍ය බොරු ප්‍රචාර සිදුවීම් පිළිබඳ CID විමර්ශන

(UTV | කෝවිඩ්-19) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර පැතිරවීමේ සිදුවීම් 400 කට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

ඒ සඳහා විශේෂ කණ්ඩායමක් ක්‍රියාත්මක බව පොලීසිය පවසයි.

එවැනි අසත්‍ය ප්‍රචාර පැතිරවීම සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් සංඛ්‍යාව 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ජනාධිපති කාර්ය මණ්ඩල හිටපු සාමාජිකයෙකු , වෛද්‍යවරයෙකු , විශ්වවිද්‍යාල පරිපාලන නිලධාරියෙකු සහ විශ්වවිද්‍යාල සිසුවෙකු ඇතුළු පිරිසක් ඒ අතර වේ.

මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලීසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කළ විමර්ශනවලින් අනතුරුවයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top