ගොසිප්

කොරෝනා ආසාදිත කාන්තාව ගමන් ගත් බස් රථ දෙකක් පිළිබඳ තොරතුරු

(UTV |යාපනය) – යාපනයේ කොරෝනා ආසාදිත කාන්තාව ගමන් ගත් බස් රථ දෙකක් පිළිබඳ තොරතුරු අනාවරණය වීමත් සමඟ ඒවායේ ගමන් ගත් මගීන් වෙත විශේෂ දැනුම් දීමක් කෙරේ.

ඒ එම බස්රථ වල ඔබ ගමන් කර ඇත්නම් වහාම PCR පරීක්ෂණය සිදු කරගන්නා ලෙසයි.

උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පී. කේතීස්වරන් මහතා පවසන්නේ කොරෝනා අසාදිත කාන්තාව කොළඹ සිට යාපනය බලා ධාවනය වූ අංක WP ND-6503 දරණ ‘රන්සිලු’ නැමැති බස් රථයේ පසුගිය සෙනසුරාදා (3) ගමන් කර ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.

සෙනසුරාදා රාත්‍රී 8.30ට යාපනය බලා පිටත් වූ මෙම බස් රථය ඉරිදා (4) උදෑසන 5.00ට පමණ යාපනයට ළඟා වී තිබේ.

පසුව, පුන්කුඩතිව් බලා ඉරිදා උදෑසන 5.10ට ගමන් කළ NP ND-8790 දරණ ‘මාතා’නම් බස් රථයෙන්ද එම කාන්තාව යළි නිවස බලා පිටත්ව ගොස් ඇති බව අනාවරණය වී ඇත.

කොළඹ සිට යාපනය බලා ධාවනය වූ බස් රථයේ විශාල පිරිසක් පැමිණ ඇති බව ඇය ප්‍රකාශ කිරීම හේතුවෙන් එම බස් රථවලින් පැමිණි අය වේ නම් ළඟම ඇති රජයේ රෝහලට ගොස් PCR පරීක්ෂණයක් කරගන්නා ලෙස උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ඉල්ලීමක් කරයි.

මේ පිළිබඳ වැඩිදුර විස්තර 021-2226666 යන අංකය අමතා දැනගත හැක.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top