දේශීය

කොරෝනා ආසාදිතයින් ගණන තවත් වැඩි වෙයි

(UTV |කොළඹ) – සෞදි අරාබියේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි 9 දෙනෙකු කොවිඩ් -19 ආසාදිත බව තහවුරු වී තිබේ.

සෞඛ්‍ය අංශය පවසන්නේ ඒ අනුව අද (19) හමු වූ ආසාදිතයින් ගණන 20 ක් බවයි.

අද හමු වූ අනෙක් රෝගීන් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආසාදිතයින්ගේ සමීපතමයින් වන අතර ඔවුන් කහතුඩුව – 3, පැල්මඩුල්ල -1 සහ කටාර් සිට පැමිණි – 3 , ඉන්දියාවේ සිට පැමිණි – 2කු වේ.

පසුගිය ජනවාරි මාසයේදී ප්‍රථමවරට චීන කාන්තාවක් කොවිඩ් ආසාදිත බව මෙරටදී හඳුනාගත් අතර මේ දක්වා මෙරටින් හමු වී ඇති ආසාදිතයින් ගණන 2,724කි. රෝහල්ගතව ප්‍රතිකාර ලබන කොවිඩ් -19 රෝගීන් ගණන 678කි.

2,035ක් පූර්ණ සුවය ලබා ඇත.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top