ක්‍රීඩා

කොදෙව් ක්‍රිකට් කණ්ඩායමේ පුහුණූකරු ඉල්ලා අස්වෙයි

(UTV|බටහිර ඉන්දීය කොදෙව්) – බටහිර ඉන්දීය කොදෙව් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණකරු වු ඔස්ට්‍රේලියා ජාතික ස්ටුවර්ට් ලෝව් එම ධුරයෙන් ඉල්ලා අස්වි ඇත.

2019 ජනවාරි මාසයේ සිය එංගලන්තයේ මිඩ්ල්සෙක්ස් ප්‍රාන්ත කණ්ඩායමේ පුහුකාර ධූරයේ කටයුතු කිරිමට හෙතෙම මෙසේ ඉල්ලා අස්ව ඇති බව මාධ්‍ය වාර්තා පවසයි.

හෙතෙම අවුරුදු 02 කට ආසන්න කාලයක් කොදෙව් කණ්ඩායමේ පුහුණූකරු ලෙස කටයුතු කළේය.

කෙසේ වෙතත් ස්ටුවර්ට් මෙම වර්ෂය තුළ පැවැත්වෙන ඉදිරි තරගාවලි සඳහා කොදෙව් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධූරය හොබවනු ඇත.

ස්ටුවර්ට් ලෝව් සිය පවුලේ කටයුතු පහසු කර ගැනිම සඳහා මෙසේ ඉල්ලා අස්වි මිඩ්ල්සේකස් කණ්ඩායම සමග එක්ව ඇති බවත් ඔහුගේ පුහුකාරීත්වය යටතේ කොදෙව් කණ්ඩායම විශාල දියුණුවක් ලබා ඇති බවද කොදෙව් ක්‍රිකට් ආයතනය මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.

එසේම කඩිනමීන් කොදෙව් කණ්ඩායමට නව පුහුණුකරුවෙක් පත් කිරිමට කටයුතු කරන බවද කොදෙව් ක්‍රිකට් ආයතනය වැඩි දුරටත් සඳහන් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top