දේශීය

කොටස් වෙළඳපොල කටයුතු අද සිට පැය 3 කට සීමා කෙරේ

(UTV|කොළඹ) – දින 4 ක් ගණුදෙනු කටයුතු සිදු නොකෙරුණු කොළඹ කොටස් වෙළඳපොල දෛනික කටයුතු අද(20) නැවත ආරම්භ වේ.

කෙසේවෙතත් අද දිනයේ ගණුදෙනු කටයුතු පැය 3 කට පමණක් සීමා කෙරෙනු ඇත.

සාමාන්‍යයෙන් කොටස් වෙළඳපොල කටයුතු පෙරවරු 9.30 ට ආරම්භ කෙරුණද අද එය පෙරවරු 10 ට ආරම්භ වේ.

එමෙන්ම අනෙක් දිනවල පස්වරු 2 .30 දක්වා සිදු කෙරුණු ගණුදෙනු අද දිනයේදී පස්වරු 1 ට නතර කිරීමට නියමිතයි.

කෙසේවෙතත් රජය විසින් ප්‍රකාශයට පත්කල නිවසෙහි සිට සේවය කිරීමේ විධානයන්ට අනුගත වන ලෙසටද කොළඹ කොටස් වෙළඳපොළ සෑම පාර්ශවයකටම දැනුම් දෙයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top