විදෙස්

කුවේටයෙන් රටවල් 5 කට වීසා තහනමක්

(උදයම්,කොළඹ) – කුවේටය ද රටවල් 5 කට එරෙහිව වීසා තහනමක් පනවයි.

ඊට හේතුව වී ඇත්තේ නව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මැදපෙරදිග රටවල් 7 කට එරෙහිව වීසා තහනමක් ප්‍රකාශයට පත් කිරීමය.

ඒ අනුව, සිරියාව, ඉරාකය, පාකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ ඉරානය යන රටවලින් පැමිණෙන සංචාරකයින්ට කුවේටය මින් පසු වීසා නිකුත් නොකරනු ඇත.

අන්තවාදී ඉස්ලාමීය ත්‍රස්තවාදී කණ්ඩායම් තම රටට ඇතුළු වීම වැළැක්වීම සදහා එම පියවර ගත් බවයි කුවේටය ප්‍රකාශ කර තිබේ.

ඇමරිකාව වීසා තහනම පැනවූ රටවල් අතරට සිරියාව, ඉරාකය සහ ඉරානය හැරුණු කොට සුඩානය, ලිබියාව, සෝමාලියාව සහ යේමනය ද ඇතුළත් වේ.

නමුත් පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානයට එරෙහිව ඇමරිකාව එවැනි තහනමක් පනවා නොමැත.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top