විදෙස්

කිම් ජොන් අන් හමුවීමට ට්‍රම්ප් සුදානම්

(UTV|ඇමෙරිකාව) – උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සහ අමෙරිකානු ජනපති අතර හමුව සඳහා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් දිනයක් ලබා දී තිබේ.

මෙම හමුව සඳහා දිනයක් සහ ස්ථානයක් මේ වන විටත් වෙන් කර ඇති බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍යවේදීන් සමගින් පැවසු බව විදේස් වාර්තා සඳහන් කළේ ය.

ජනපති ට්‍රම්ප් එහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ, එය ඉතා ඉක්මනින්ම නිවේදනය කරනු ඇති බවයි.

එහිදී බොහෝ යහපත් දෑ පිළිබඳව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් යහපත් ප්‍රතිඵල අත්වනු ඇති බවත් ජනපති ට්‍රම්ප් පවසා ඇත.

උතුරු කොරියානු නායකයා සමග සාකච්ඡා පැවැත්වීමට පෙර මේ මස 22 වන දා අමෙරිකානු ජනපති හා දකුණු කොරියානු ජනපති අතර සාකච්ඡාවක් ධවල මන්දිරයේදී පැවැත්වීමට නියමිත බව විදෙස් වාර්තා වල දැක්වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top