දේශීය

කාර්යාල දුම්රිය 19 ක් අද සිට

(UTV | කොළඹ ) – අද (18) සිට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රැකියා සඳහා කොළඹට පැමිණෙන මගී ජනතාවගේ පහසුව සඳහා කාර්යාල දුම්රිය 19 ක් ආරම්භ වන සතියේදී ධාවනයට එක් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දුම්රියන් බෙලිඅත්ත, ගාල්ල, දකුණු කලුතර, පානදුර, අලුත්ගම, මොරටුව, මහනුවර, පොල්ගහවෙල, මීරිගම, වේයන්ගොඩ, ගම්පහ, රාගම හන්දිය, මහව හන්දිය, හෝමාගම, කොස්ගම, පාදුක්ක, අවිස්සාවේල්ල සහ හලාවත දුම්රිය ස්ථානවල සිට අද පෙරවරුවේ කොළඹ කොටුව සහ මරදාන දක්වා පැමිණීමට නියමිතයි.

නැවත පස්වරුවේද එම දුම්රියන් කොළඹ කොටුව සහ මරදානේ සිට අදාළ ගමනාන්ත දක්වා ධාවනය කරවන අතර මෙම දුම්රියවල ගමන් කිරීම සඳහා මේ වන විට හඳුන්වාදී ඇති ඔන්ලයින් ක්‍රමයට අයදුම් කර ආසන වෙන්කරවා ගත් මගීන් 11, 500 කට ප්‍රමුඛත්වය ලබාදෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඊට අදාළ කෙටි පණිවිඩය නොලැබුණේ නම් සිය ආයතනයේ සම්බන්ධීකරණ නිලධාරියා හරහා පමණක් අදාළ විමසීම් සිදු කරන ලෙසට ඉල්ලීමක් කරයි.

කෙසේවෙතත් ඔන්ලයින් ක්‍රමයට ආසන වෙන් කර නොගත් මගීන් සඳහා ධාවනයට නියමිත දුම්රියන් වල සීමිත ආසන ප්‍රමාණයක් ලබාදීමට නියමිතයි.

එම ආසන, මගීන් දුම්රිය ස්ථානයට පැමිණෙන අනුපිලිවෙල මත ලබාදෙනු ඇත.

මෙම පහසුකම ලබාදෙනු ලබන්නේ අත්‍යවශ්‍ය රාජකාරි සඳහා ආයතන විසින් කැඳවීම සිදු කල බවට ආයතන ප්‍රධානියාගේ ලිපියක් හෝ ජංගම දුරකතනයට ලැබුණු e-mail පණිවිඩයකින් තහවුරු කිරීමක් සිදුකරන අයට පමණක් බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි;

දුම්රියෙන් ගමන් කරන සියලූම ආකාරයේ වෙන් කිරීම් සිදු කල මගීන් වෙත 2020 මාර්තු මාසයට අදාළ වාර ප්‍රවේශ පත්‍රය තිබිය යුතුයි.

එම වාර ප්‍රවේශ පත්‍රය නොමැති සියලූම මගීන් අදාළ ගමන සඳහා යාම් – ඊම් ප්‍රවේශපත්‍රයක් මිලදී ගත යුතුයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top