කලා

කාර්තිගේ මීළඟ පිම්ම

(UTV | කොළඹ) – මනිරතන්නම්ගේ Ponniyin Selvan සිනමාපටයේ තමන්ට අදාළ රූපගත කිරිම් අවසන් වුණාට පස්සේ දමිළ නළු Karthi සහභාගී වන ඊළඟ නිර්මාණය තමයි Viruman කියන්නේ. Viruman අධ්‍යක්ෂණය කරන්නේ 2015 වසරේදී Karthi රඟපෑ Komban චිත්‍රපටයේ අධ්‍යක්ෂක Muthaiya විසින්. Muthaiyaගේ චිත්‍රපට ලැයිස්තුව ගැන විපරම් කරනකොට ඒ හැම නිර්මාණයක්ම සාම්ප්‍රදායික ගැමි මූලාශ්‍රයක් වටා ගෙතුණු සිනමාපට නිසා, Viruman කියන්නෙත් එවැනි ග්‍රාමීය පරිසරයක් මුල් කරගනිපු නිර්මාණයක් බවට ඉඟි පලවනවා. ඒ වගේම පසුගිය සැප්තැම්බර් 05වනදා එළි දක්වපු “Viruman” Title Poster එකෙනුත් ඒ බව සනාථ වනවා.

Karthiගේ සිනමා ජීවිතයේ ප්‍රධාන චරිතයක් කළ පළමු චිත්‍රපටය වුණු Paruthiveeran (2007) සිට මේ දක්වාම ඔහු දෙවතාවක් වැඩ කරලා තිබුණේ මනිරත්නම් සමඟ විතරයි. Karthi මීට පෙර එකම චිත්‍රපට අධ්‍යක්ෂක වරයකුගේ නිර්මාණයකට දෙවරක් දායක වීමෙන් වැලකී තිබුනා. නමුත් මේ Viruman චිත්‍රපටයත් සමඟ එම අවස්ථාව Muthaiyaටත් ලැබිලා තියෙනවා. Viruman නිෂ්පාදනය කරන්නේ කාර්තිගේ සොහොයුරා වන සූර්යා විසින් ඔහුට අයත් 2D Entertainment චිත්‍රපට නිෂ්පාදන ආයතනය හරහායි.

Family Entertaining ශානරයට අයිති වෙන Viruman චිත්‍රපටයේ ප්‍රධාන කාන්තා චරිතයට රංගනයෙන් එකතු වන්නේ සුප්‍රසිද්ධ දකුණු ඉන්දීය අධ්‍යක්ෂකවරයෙකුගේ දියණියක්. ඒ, Indian(1996), Nayak(2001), Sivaji(2007), I(2015) සහ 2.0(2018) වැනි ජනප්‍රිය නිර්මාණ රාශියක් අධ්‍යක්ෂණය කළ S.Shankarගේ දියණිය වන Adithi Shankar. මේ ඇගේ පළමු සිනමා රංගනය වීමත් විශේෂයි. ඇගේ සිනමා ආගමනයට පෙර රජිනිකාන්ත් වැනි සුපිරි තරු හමුවීමට ගොස් ඔවුන්ගෙන් ආශිර්වාද ලබා ගන්නා ඡායාරූප ත් පසුගිය දිනවල සමාජ මාධ්‍යයන් හි පළ වුණා. ඇයට අමතරව Prakash Raj, Soori සහ Rajkiranද මෙහි සහය චරිත රඟ දක්වනවා. Prakash Raj විසින් බොහෝ දුරට ප්‍රතිවීර චරිතයට පණ පොවනු විය හැකියි.

“Thank you so much@Suriya_offl sir and #Joythika ma’am for this opportunity. Will make you proud and give my 100% hard work! @Karthi_Offl @dir_muthaiya @rajsekarpandian @thisisysr #Viruman “

Adithi Shankar විසින් නිෂ්පාදකයින්ට සහ රංගන ශිල්පීන් පිරිසට එලෙස ස්තූති කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ පණිවුඩයක් නිකුත් කර තිබුණා. Viruman සිනමාපටයේ සංගීත අධ්‍යක්ෂණය කරන්නේ Yuvan Shankar Raja විසින්. Yuvan සහ Muthaiya දෙදෙනා collab වන පළවෙනි අවස්ථාව මෙය වුණත් ඔහු විසින් මීට අවස්ථා 03දීම කාර්තිගේ චිත්‍රපට වෙනුවෙන් සංගීතය මුසු කළා. Yuvan Shankar Raja සංගීත අධ්‍යක්ෂණය කළ 100වෙනි චිත්‍රපටය වුණෙත් Karthi රඟපෑ Biriyani චිත්‍රපටියයි.

මෙහි පූජා උත්සවය නිෂ්පාදකයින්ගේ සහ නළු නිළියන්ගේ සහභාගීත්වයෙන් යුතුව පසුගියදා පැවැත්වුණු අතර සැප්තැම්බර් 17වනදා පළමු රූපගත කිරීම් කොටස ඇරඹුනේ තමිල්නාඩුවේ Theni ප්‍රදේශය මුල් කරගෙනයි. Viruman හි කැමරා අධ්‍යක්ෂණය සිදු කරන්නේ Maanagaram, Gypsy, Aviyal වැනි චිත්‍රපටවල කැමරාව හැසිරවූ S.K. Selvakumar විසිනුයි. ලබන වසර මැද භාගයේදී සිනමාශාලා ප්‍රදර්ශනයට Viruman මුදා හරින්නට නිෂ්පාදකයින් සැලසුම් කරන බවත් තමිල්නාඩුවෙන් කියවෙනවා.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top