දේශීය

කාබනික පොහොර සහනාධාරය එළවළු සහ තේ ගොවීන්ට

කාබනික පොහොර සඳහා රජය විසින් ගොවීන්ට ලබා දුන් සහනය මෙරට තේ හා එළවළු වගාව ප්‍රවර්ධනය සඳහා යෙදවීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

 

පසුගිය කාලය තුළ කොම්පෝස්ට් පොහොර යැයි කියමින් තමන්ට ලබාදී ඇත්තේ වැව්වලින් කපා ගත් පස් හා දහයියා බවට කෘෂිකර්ම අමාත්‍යවරයා සමඟ පැවැති හමුවක දි ගොවි නියෝජිතයින් සඳහන් කර ඇති බව එම අමාත්‍යංශ්‍ය පැවසුවේය.

 

ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර හා ‌කොම්පෝස්ට් පොහොර තමන්ට අවශ්‍ය නොවන බව ගොවි නියෝජිතියින් එහිදි සඳහන් කර තිබේ.

 

ඒ අනුව ඔවුන්ගේ ඉල්ලිම පරිදි කාබනික හා කොම්පෝස්ට් පොහොර වගාව සඳහා අවශ්‍ය නොවේ නම් එම මුදල් වෙනත් කෘෂි අංශ සංවර්ධනය සඳහා යෙදවිය හැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එහිදි ප්‍රකාශ කර ඇත්තේ.

 

2022/ 23 මහ කන්නයේ දී කාබනික පොහොර සහනාධාරය සඳහා රජය විසින් රුපියල් මිලියන 16,000ක් වෙන් කර ඇති අතර ඒ යටතේ කුඹුරු හෙක්ටෙයාර් 01කට රුපියල් 20,000ක් හා හෙක්ටෙයාර් 02ක් සඳහා රුපියල් 20,000ක සහනාධාරයක් ද ලබා දී තිබේ.

 

මේ සඳහා මෙවර මහ කන්නයේ මෙතෙක් වැය කර ඇති මුදල රුපියල් මිලියන 10,000ක් බවද කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේය.

 

කෙසේවෙතත් ගොවීන් සිදුකළ ඉල්ලීම අනුව 2023 මහ කන්නයේ සිට එම සහනය තේ හා එළවළු වගාව සඳහා යෙදවීම සඳහා කටයුතු කරන ලෙසට කෘෂිකර්ම අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් ලබාදුන් බව එම අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේය.

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top