දේශීය

කාන්තාවන් තිදෙනෙකු මියගිය සිද්ධියට අත්අඩංගුවට පත් සැකකරුවන් රිමාන්ඩ්

(UTV | කොළඹ) – කාන්තාවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් හය දෙනා ලබන ජුනි මස 4 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාළ නියෝගය ලබාදුන්හ.

සැකකරුවන් අතර ආධාර බෙදීම සිදුකළ ව්‍යාපාරිකයා ද වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න සඳහන් කළා.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන අවස්ථාවේ මාලිගාවත්ත – ජුම්මා මස්ජිද් පාරේ නිවසකදී පෞද්ගලික මුදල් ආධාර බෙදීමක් අතරතුර අද පස්වරුවේ ඇතිවූ තෙරපීමකින් කාන්තාවන් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 09 දෙනෙකු රෝහල් ගතකරනු ලැබීය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top