ගොසිප්

ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීම ගැන සනත්ගේ අදහස කියයි

(UTV | කොළඹ) – සනත් ජයසූරිය යනු මෙරට ක්‍රිකට් වංශකතාවෙන් පමණක් නොව ලෝක ක්‍රිකට් ඉතිහාසය තුළ ද කිසිදා අමතක කළ නොහැකි ක්‍රකට් ක්‍රීඩකයෙකි.    

ඔහු ගැන මේ වන විට සමාජය තුළ යළිත් කතා බහක් ඇතිව තිබෙන්නේ නිමා වූ “Road sefety world series” තරගාවලියට ඔහු ක්‍රීඩා කිරීමත් සමගයි.

Road sefety තරගාවලියේ අවසන් මහා තරගයේ දී ඉන්දියාවට එරෙහිව සනත් ජයසූරිය ක්‍රීඩා කළ ඉනිම ද බොහෝ ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ගේ සිත් තුළ අමරණීය මතකයක් වනු නොඅනුමානය.

මෙම ක්‍රකට් තරඟාවලිය සම්බන්ධයෙන් ඔහු කියා සිටියේ කලකට පසු ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් හිමි වූ බවත් , බොහෝ කලකට පසු ක්‍රීඩාවෙහි යෙදුණත් කණ්ඩායමේ සියල්ලන්ම එකතු වී සියයට සියයක්ම තම සහයෝගය ඒ් සඳහා ලබාදුන් බවත්ය.

වසර දෙකක් පමණ ක්‍රිකට් තහනම හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ නොවී ඉන්න සිද්ධ වුණත් , ඉන්පසුව Road sefety තරගාවලියට ලැබුණු ආරාධනයෙන් උපරිම ප්‍රයෝජන ලබාගත යුතු යැයි ද සිතූ බව සනත් පවසයි.

එම තරගාවලිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සම්බන්ධ නැතුව, අයි.සී.සී එක සම්බන්ධ නැතුව කරන කිසිම දේකට තමන් සහභාගී නොවන බවය.

කෙසේවෙතත් තමන් ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වීමට කිසිඳු අදහසක් නොමැති බව ද සනත් ප්‍රකාශ කරයි.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top