දේශීය

කටුනායකින් ජපන් ගිය යානය මඟදි හැරී ආ හේතුව

ජපානයේ නරීටා බලා පිටත් වු ශ්‍රීලන්කන් ගුවන් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන් නැවත කටුනායක ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වා තිබේ.

 

මගීන් 301 දෙනෙකු සමග “ඒ 330 – 300” එයාර් බස් වර්ගයේ ගුවන් යානය ඊයේ රාත්‍රී 8.20ට පමණ ගුවන්තොටුපොළෙන් පිටත්ව ගොස් තිබුණි.

 

කෙසේවුව ද කාර්මික දෝෂයක් හේතුවෙන් පැය 02යි විනාඩි 25ක පමණ කාලයකට පසු යානය නැවත ගුවන්තොටුපොළ වෙත ගොඩබැස්වු බව වාර්තා වේ.

 

එහිදී මගීන් හෝ කාර්යය මණ්ඩලයේ කිසිවෙකුටත් හානි සිදුව නොමැති බව ගුවන්තොටුපොළ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

 

පසුව ගුවන් මගීන් වෙනත් ගුවන් යානා මගින් ජපානයේ නරීටා වෙත යොමුකිරීමට පියවර ගත් බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top