විදෙස්

ඔස්ට්‍රේලියාවට ගිය වියට්නාම සංක්‍රමණිකයන් යළි වියට්නාමය බලා නැවත පිටත් කර යැවෙයි

(UTV| කොළඹ) – ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ඩේන්ට්‍රි ආසන්න ප්‍රදේශයකට පසුගිය 26 වැනි දා සේන්දුවූ යාත්‍රාවේ සිටි ගැහැනු, පිරිමි හා දරුවන් ගෙන් සමන්විත වියට්නාම අනවසර සංක්‍රමණිකයන් 17 දෙනා වෙන ම ගුවන් යානයකින් වියට්නාමය බලා නැවත පිටත් කර හරින බව ඔස්ට්‍රේලියාව පවසයි.

මෙම පිරිස ආපසු පිටත් කර යැවීම බොහෝ දුරට ඊයේ (30) සවස් වරුවේ සිදු කෙරෙනු ඇති බවට ඔස්ට්‍රේලියා ආගමන හා විගමන අංශ කියයි.

වසර හතරකට පසු ඔස්ට්‍රේලියාවේ ඩේන්ට්‍රි ආසන්න ප්‍රදේශයකට සරණාගතයන් රැගත් බෝට්ටුවක් පැමිණ ඇත්තේ අගෝස්තු 26 වැනිදා ය. ඔස්ට්‍රේලියාව පවසන්නේ මෙම බෝට්ටුව වියට්නාමයෙන් පැමිණ ඇති බව ය. බලධාරීන් පුද්ගලයන් 15 ක් අත්අඩංගුවට ගෙන තිබුණු අතර තවත් පිරිසක් කේන්ස් නගරයට උතුරින් පිහිටි කඩොලාන බිම් අතරේ සැඟව ඇතැයි අනුමාන කෙරිණි.

ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය පීටර් ඩටන් පවසා සිටියේ වියට්නාමයෙන් පැමිණ ඇති මෙම යාත්‍රාව “දින 1,400 ට වඩා වැඩි කාලයකට පසු” පැමිණි පුද්ගල ජාවාරමට අදාළ පළමු යාත්‍රාව වන බව ය.

ඩේන්ට්‍රි ආසන්න ප්‍රදේශයකට පසුගිය ඉරිදා (අගෝස්තු 26) සේන්දු වූ යාත්‍රාවේ සිටි පිරිසට ඕස්ට්‍රේලියාවේ රැකවරණ ඉල්ලුම් කිරීමේ සැලසුමක් තිබුණේද යන්න ඔවුන් පවසා නැත.
යාත්‍රාවේ සිටි වියට්නාම අනවසර සංක්‍රමණිකයන් 17 දෙනා සොයා ගැනීමෙන් පසු ක්‍රිස්මස් දූපත වෙත රැගෙනවිත් ඇති බවත්, ඔවුන් රැගත් ගුවන් යානය වියට්නාමය බලා එහි සිට පිටත් වනු ඇති බවත් ‘ද ඔස්ට්‍රේලියන්‘පුවත්පත පවසයි.

ඔස්ට්‍රේලියාවේ රැකවරණ ලැබීමට සුසුස්සන් හැර අනවසරයෙන් පැමිණෙන නුසුදුසු වෙනත් පිරිස් වියට්නාමයට නැවත හරවා යවන බවට වියට්නාමය සමඟ ඔස්ට්‍රේලියාව 2015 වසරේ දී ඇති කර ගැනුණු එකඟතාව මත මෙම පිරිස වියට්නාමයට ආපසු යැවෙන බව ඔස්ට්‍රේලියා මාධ්‍ය පවසයි.

වියට්නාම අනවසර සංක්‍රමණිකයන් මේ ආකාරයෙන් ඔස්ට්‍රේලියාව වෙත රැගෙන ඒමට උපකාර කළේ යැයි සැලකෙන සිඩ්නි නුවර ආශ්‍රිත ව ක්‍රියාත්මක වන මිනිස් ජාවාරම් ජාලයක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත් වන බව ද ඔස්ට්‍රේලියා ආගමන හා විගමන අංශ කියයි.

‘අපේ දේශ සීමා ආරක්ෂණ හා සංක්‍රමණික ප්‍රතිපත්ති කිසිදු ලෙසකින් ලිහිල් ව හෝ වෙනස් ව නෑ. එම ප්‍රතිපත්ති තවදුරටත් ශක්තිමත් අයුරින් ක්‍රියාත්මකයි‘ යැයි ඔස්ට්‍රේලියා ස්වදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය පීටර් ඩටන් සිහිපත් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top