දේශීය

එළවළු සඳහා නියමවූ උපරිම තොග මිල ගණන්

(UTV |කොළඹ ) – ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි එළවළු සඳහා උපරිම තොග මිලක් නියම කර තිබේ.

ඒ අනුව, එළවළු තොග වෙළද මධ්‍යස්ථානවලින් පිට විකිණීමේදී සිල්ලර මිලට එකතු කළ හැක්කේ 1kg එකකට රුපියල් 40ක් පමණක් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරන ආකාරයට කැරට් 1kgක උපරිම තොග මිල රුපියල් 150 ක්, ලීක්ස් 1kg ක් විකිණිය හැකි උපරිම සිල්ලර මිල රුපියල් 120 ක් ලෙස නියම කර ඇත.

බෝංචි 1kg ක උපරිම තොග මිල රුපියල් 120කි.

ගෝවා සඳහා පනවා ඇති උපරිම තොග මිල රුපියල් 100 ක් වේ.

බීට් 1kg ක් සඳහා පනවා ඇති උපරිම තොග මිල රුපියල් 80 කි.

මාළුමිරිස් 1kg ක් අලෙවි කළ හැකි උපරිම තොග මිල රුපියල් 150කි.

රුපියල් 100 ක උපරිම තොග මිලකට තක්කාලි 1kg ක් අලෙවි කළ හැකි වේ.

බණ්ඩක්කා 1kg ක් සඳහා පනවා ඇති උපරිම තොග මිල රුපියල් 70 කි.

අළු කෙසෙල් 1kg ක් අලෙවි කළ හැකි උපරිම තොග මිල රුපියල් 70 කි.

අමුමිරිස් 1kg ක උපරිම තොග මිල රුපියල් 200 කි.

වම්බටු 1kg ක උපරිම තොග මිල රුපියල් 100ක් වේ.

දෙහි සහ ඉගුරු 1kg ක් සඳහා පනවා ඇති උපරිම තොග මිල 150කි.

මීට අමතරව තවත් එළවළු වර්ග රැසකට උපරිම තොග මිලක් නියම කළ බවත් නියම කළ මිලට වඩා වැඩි මිලට පිටකොටුව මැනිං වෙළඳපොළේ එළවළු විකුණූ වෙළඳුන් හතර දෙනෙකු අත්අඩංගුවට ගත් බවත් පාරිභෝගික අධිකාරිය සඳහන් කළේය.

එම අධිකාරිය සඳහන් කළේ, රුපියල් 150 කට මිල නියම කර තිබෙන කැරට් 1kg ක් රුපියල් 450 කටත් , රුපියල් 150 ක් ව පවතින මාළු මිරිස් 1kg ක් රුපියල් 375 කටත්, රුපියල් 100 ක් වල තක්කාලි 1kg ක් රුපියල් 250 කටත් මෙම වෙළදුන් අලෙවි කර ඇති බවයි.

සැකකාර වෙළදුන් ඉදිරි විමර්ශන සඳහා පොලිසිය වෙත භාර දි තිබේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top