දේශීය

එජාපයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද යළි රැස්වෙයි

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (25) පස්වරුවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය.

මෙම රැස්වීම පස්වරු 3.30 ට පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

මෙහිදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත් කරන්නේ කවුරුන්දැයි සාකච්ඡා කිරීමට නියමිතව ඇති අතර , පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් පළවන විවිධ මතවාද හා ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව ද කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අවධානය යොමුකරන බවද වාර්තා වෙයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top