දේශීය

උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදල මඟින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන ඇරඹේ

(UTV | කොළඹ) –.අපො.ස.(සා.පෙළ) විභාගය සඳහා 2021 (2022) වර්ෂයේ දී පළමුවරට පෙනී සිට විභාගය සමත්ව 2024 වර්ෂයේ දී අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත, ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන ආරම්භ කර තිබෙනවා.

 

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි වැඩසටහන ක්‍රියාවට නැංවුණු අතර සුදුසුකම් සපුරා ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් අයදුම්පත් කැඳවීම ආරම්භ කරන ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් 2022-11-30 දිනැතිව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කර ඇති බවයි සඳහන් වන්නේ.

 

ඊට අනුව ශිෂ්‍යත්ව සුදුසුකම් ලැබීමට අයදුම්කරුවන්ගේ පවුලේ මාසික ආදායම රු. 75,000/- නොඉක්මවිය යුතු අතර රජයේ පාසලක හෝ ගාස්තු අය නොකරන පෞද්ගලික පාසලක හෝ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් විය යුතු බවද සඳහන්.

 

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top