දේශීය

ඊයේ වැඩිම කොරෝනා ආසාදිතයන් ගම්පහ දිස්ත්‍රික්කයෙන්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවෙන් ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයන් 787 දෙනා අතුරින් වැඩිම පිරිසක් සටහන්වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

ඒ් අනුව ගම්පහින් 139 ක් , මහනුවර 108 ක් , කොළඹ 101 ක් , කලුතර 66 ක් , කුරුණෑගල 65 ක් , ගාල්ල 61 ක් , මාතලේ 45 ක් රත්නපුර 39 ක් සහ මාතර 23 ක් ඊයේ ආසාදිතයන් අතර විය.

මීට අමතරව අම්පාර 18 ක් , හම්බන්තොට 14 ක් , මඩකලපුවේ 14 ක් , පුත්තලමේ 11 ක් , මොණරාගල 11 ක් , නුවරඑළියේ 11 ක් ද ඊයේ ආසාදිතයන් අතරට ඇතුළත් විය.

එමෙන්ම යාපනයේ 10 ක් , කිළිනොච්චියේ 10 ක් , කෑගල්ලේ 08 ක් , පොළොන්නරුවේ 07 ක්, මන්නාරමේ 06 ක් , වව්නියාවේ 05 ක් , මුලතිවු 04 ක්, බදුල්ලේ 03 ක්, අනුරාධපුර 03 ක් , ත්‍රිකුණාමලයේ 02 ක් ඊයේ ආසාදිතයන් අතරට අයත් වේ.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top