දේශීය

ඊයේ දිනයේ වැඩිම ආසාදිතයන් ගම්පහ දිස්ත්‍රික්කයෙන්

(UTV | ගම්පහ) – ඊයේ (30) වැඩිම ආසාදිතයන් සටහන්වූයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 190 ක්.

මහනුවර 89 ක් , කලුතර 50 ක්, අම්පාරේ 42 ක්, රත්නපුර 27 ක් සහ යාපනයේ 21 ක් ඊයේ හමුවූ ආසාදිතයන් අතර වෙයි.

මීට අමතරව කෑගල්ලේ 19 ක් , කුරුණෑගල 18 ක් , ගාල්ලේ 10 ක් , මාතර 09 ක් , මඩකලපුවේ 08 ක් සහ මාතලේ 05 දෙනෙකුද ඊයේ කොවිඩ් රෝගීන් ලෙස වාර්තා විය.

එමෙන්ම ත්‍රිකුණාමලයේ 04 ක් , හම්බන්තොට 03 ක් , පුත්තලමේ 02 ක් , මොණරාගල 02 ක් , බදුල්ලේ 02 ක් හා මුලතිවු සහ නුවරඑළියේ එක් අයෙකු බැගින්ද ඊයේ කොවිඩ් ආසාදිතයන් අතරට අයත් වෙයි.

 

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top