දේශීය

ඊයෙත් ආසාදිතයින් 541ක් කොළඹින්

(UTV |කොළඹ) – ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 704 දෙනා අතරින් 541 දෙනෙකු ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා පනවා දෙන්නේ එම ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් වාර්තාවන්නේ කොළඹ නගරසීමාව ආශ්‍රයෙන් බවයි.

එම ආශ්‍රිතයන් බොහෝ පිරිසක් මේ වනවිට හුදෙකළා කර ඇති ප්‍රදේශ සහ අද උදෑසන 5 සිට හුදෙකළා කරන ලද ප්‍රදේශවලින් වාර්තාවී තිබේ.

ඉන් අනෙකුත් ප්‍රදේශවලට වෛරසය පැතිර යාම වැළක්වීමට මෙලෙස පොලිස් බල ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කර තැබීමට පියවර ගත් බවයි යුද හමුදාපතිවරයා සඳහන් කරන්නේ.

එසේම හුදෙකළා කර ඇති ප්‍රදේශවල අත්‍යවශ්‍ය සේවා සෞඛ්‍ය අංශවල දැඩි අධීක්ෂණය යටතේ පවත්වාගෙන යාමට අවසර හිමිවේ.

මේ අතර හුදෙකළා කර ඇති ප්‍රදේශවල දුරගමන් සිදුකරන රථවාහනවලට ගමනාගමනයට අවසර හිමි වුවද එම ප්‍රදේශවල කුමන හේතුවකට හෝ මගීන් නග්ගවා ගැනීමට හෝ බැස්සවීමට අවසර හිමිනොවන බවයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා අවධාරණය කරයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top