විදෙස්

ඇමරිකාවේ අධික ශීතල හේතුවෙන් ගුවන් ගමන් වාර 2000 ක් අවලංගුයි…

(UTV| කොළඹ) – ඇමරිකාවේ විශේෂයෙන් මිඞ්වෙස්ට් ප්‍රදේශයට බලපා ඇති හිමපතනය හේතුවෙන් මේ වන විට පුද්ගයන් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

උත්තරධ‍්‍රැවයේ සිට හමන ශීත වා දහරා සමඟ මෙම තත්ත්වය හටගෙන ඇති අතර දශක ගණනාවකින් එහි ඇති වී තිබෙන දරුණුතම ශීත ඍතුව මෙයයි.

දරුණු සිතල හේතුවෙන් චිකාගෝ ඇතුළු ප්‍රාන්ත රැසක මිලියන 250ක ජනතාවට බලපෑම් එල්ල වී ඇත.

අමෙරිකාවේ ඇතැම් ප්‍රාන්තයන්හි උෂ්ණත්වය සෘණ සෙල්සියන් අංශක 30ක් දක්වා පහත වැටී ඇති අතර ඇමරිකාවේ භූමි ප්‍රමාණයෙන් තුනෙන් එකක ප්‍රදේශයක පවතින්නේ සෙන්ටිගේ‍්‍රඞ් අංශක ඍණ 17ක පමණ උෂ්ණත්වයක් බව එරට කාළගුණ අංශය සදහන් කරයි.

දුම්රිය සේවාවන් පවත්වා ගෙන යාම සඳහා රේල් පිලි මත අයිස් මිදීම අවම කිරීම සඳහා ඉන්ධන යොදා ගනිමින් ගිනි දල්වා තිබෙන බව වාර්තා වෙයි.

ඊට අමතරව චිකාගෝ ප්‍රාන්තයේ ඇතුළු ප්‍රාන්ත කිහිපයක ගුවන් ගමන් වාර 2000ක් පමණ අවලංගු කිරීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.

අධික සිතල හේතුවෙන් චිකාගෝ ගංගාව ඇතුළු විශාල ගංගා රැසක් අයිස් තට්ටුවලින් මිදී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top