ගොසිප්

ඇමති ඇමැති එස් එම් චන්ද්‍රසේනගෙන් රාජ්‍ය නිලධාරීන්ට අල්ලසක්ද?[LETTER]

(UTV |අනුරාධපුරය) – පසුගිය ජනාධිපතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීමට කළ කැප කිරීම අගයමින් නිලධාරීන්ගේ නිල නිවාස වල කාමර නොමිලේ වායුසමීකරණය කර දීමට ඇමැති එස් එම් චන්ද්‍රසේන මහතා සූදානම් වේ.

මේ සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද(28) දිනයේ පැවැත්වෙන බවට අදාළ නිලධාරීන් වෙත ලිපියක් යොමු කර තිබේ.

ඒ අනුව මෙම ලිපිය අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියළු කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරින් වෙත යවා ඇත.

මෙම ලිපිය මේ වනවිට සමාජ ජාලවල සංසරණය වන අතර ඊට අමාත්‍ය එස් එම් චන්ද්‍රසේනට දැඩි විවේචන එල්ල කෙරේ.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top