ගොසිප්

ඇඳිරි නීතිය ගැන තීරණය අද PCR වාර්තාවල ප්‍රතිඵලවලින් පසුව

(UTV | කොළඹ) – අද දිනයේ ලැබීමට ඇති PCR පරීක්ෂණ වාර්තාවල ප්‍රතිඵල අනුව පස්වරුව වනවිට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රැස්වන කොරෝනා මර්ධන කමිටුවේදී ඇඳිරි නීතිය පැනවීම පිළිබඳව ඉදිරි තීරණ ගන්නා බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.   

ඒ අනුව අද ලැබීමට නියමිත අදාළ PCR වාර්තා බහුතර ප්‍රමාණයක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ගේ බවට යුද හමුදාපතිවරයා සඳහන් කරයි.

සති අන්තයේ ඇඳිරි නීතිය පැනවීමක් සිදුකිරීමට මෙම මොහොතේ අවශ්‍යතාවක් නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අදාළ PCR වාර්තාවලට අනුව යම්කිසි අවදානමක් ඇති ප්‍රදේශයක් වේ නම් එම ප්‍රදේශයට ඇඳිරි නීතිය පැනවීමට ද ගම්මානයක් වේ නම් එය හුදෙකළා කිරීමටත් නියත වශයෙන්ම කටයුතු කෙරෙන බව යුද හමුදාපතිවරයා පවසයි.

මේ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක නොවන ප්‍රදේශවල සිටින පුද්ගලයන් සති අන්තයේ හැකිතාක් සිය නිවෙස්වලම රැඳී සිටිමින් මෙම තත්වය පාලනය කරගැනීමට සහය ලබාදෙන ලෙස වැඩිදුරටත් අදහස් දක්වමින් යුද හමුදාපතිවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.

 

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top