දේශීය

ඇඳිරි නීතිය කඩ කළ පිරිස 61,000 ඉක්මවයි

(UTV | කොළඹ ) – ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 61,621 ක් බවට පත්වී තිබේ.

පසුගිය මාර්තු 20 වනදා සිට අද (22) පෙරවරු 6 දක්වා කාලය තුළ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

මෙම කාලසීමාවේදී පොලිස් භාරයට ගෙන ඇති සමස්ත වාහන සංඛ්‍යාව 17,322 කි.

ඊයේ පෙරවරු 6 සිට අද අලුයම 6 දක්වා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් ගණන 528 ක් වන අතර වාහන 150 ක්ද එම කාලසීමාවේදී පොලිස් භාරයට ගෙන තිබේ.

මේ අතර පසුගිය මාර්තු 18 වනදා සිට අද පෙරවරු 6 දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝනය කිරීමට අදාළව නඩු 18 , 496 ක් පවරා ඇත.

දඩුවම් නියම කර ඇති සංඛ්‍යාව 6991 ක් බව පොලිසිය නිකුත් කල නිවේදනයක දැක්වෙයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top