ගොසිප්

ඇදිරි නීතිය අතර කතරගම දේවාලයට පැමිණි පිරිස කවුද?

(UTV |කතරගම ) – ඊයේ (14) පස්වරුවේ ඇඳිරි නීතියද කඩ කරමින් කුරුණෑගල කතරගම දේවාලයට ඇතුළුවී බලහත්කාරයෙන් පූජාවක් තැබී⁣මේ සිද්ධියක් වාර්තා වේ.

ඒ කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරික ආයතනයක කළමණාකරුවෙකු අලුතින්ම මිළදීගත් මෝටර් රථයකට පූජාවක් තැබීම සඳහාය.

මෙම පූජාව සඳහා එම පුද්ගලයාගේ පවුලේ සාමාජිකයින් හිතවතුන් ඇතුළු 25 දෙනෙකුට ආසන්න පිරිසක් සහභාගි වී ඇත.

ඇඳිරි නීති රෙගුලාසි සහ රට තුළ ක්‍රියාත්මක සෞඛ්‍ය නීතිරීතිද උල්ලංඝනය කරමින් මෙම පිරිස කටයුතු කර ඇති බවට කුරුණෑගල කතරගම දේවාලයේ පාලක මණ්ඩලයේ නිලධාරියෙක් සඳහන් කරයි.

මෙම පිරිසේ සෞඛ්‍ය නීතිරීති අනුව මුඛ ආවරණ පවා පැළැඳ ⁣නොසිටි බවද චෝදනා එල්ල කෙරේ.

මේ සම්බන්ධයෙන් පොලිස් හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දුන්නද එම ඒකකයේ නිලධාරීන් පැමිණ මෙම නීතිවිරෝධි කටයුත්ත සම්බන්ධයෙන් කිසිදු නීතිමය ක්‍රියා මාර්ගයක් ගෙන නොමැත.

ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් දිනපතාම දෙවරක් දේවාල අභ්‍යන්තරයේ දේව පූජාව ඉටු කරයි.

නමුත් බැතිමතුන් සඳහා දේවාලය විවෘත ⁣නොකරන අවස්ථාවක මෙම පිරිස බලෙන් පූජාවක් පවත්වා ඇති බවද ඔවුන් පෙන්වා දෙයි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top