දේශීය

ආදිවාසී නායකයාට මරණ තර්ජන

(UTV | කොළඹ) – වසන්ත මුදලිගේ සම්බන්ධයෙන් තමන් පසුගිය දිනවල අදහස් දැක්වූ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස නිර්නාමික ලියවිල්ලකින් තමන්ට මරණ තර්ජන සිදු කර ඇති බවත් ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිල ඇත්තෝ පැවසීය.

ඔහු මේ බව පවසා සිටියේ දඹාන, කොටබකිනිය ගම්මානයේදී ඊයේ (10දා) මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඌරුවරිගයේ වන්නිල ඇත්තෝ,

“මේ ගමේ ජීවත් වෙන වසන්ත මුදලිගේ පමණක් නෙවෙයි වෙනත් ඕනම සිංහල, දෙමළ කෙනෙකුට ප්‍රශ්නයක් ආවොත් මම හොයලා බලන්න ඕන. ඉතින් මම පහුගිය දවස්වල මේ වසන්ත මුදලිගේ ගැන කතා කරා. ඉතින් ඒ කතා කරපු එකට ප්‍රතිඵලයක් හැටියට දැන් මට නිර්නාමික ලියවිල්ලකින් ඇවිල්ලා තියෙනවා මරණ තර්ජන.

ඉතින් මේ ළඟදි මට ලැබිච්ච නිර්නාමික ලිපිය පිළිබඳ ගොඩදෙනෙක්ම ගෙන්අ හනවා මොකක්ද මේ පිළිබඳගත්ත ක්‍රියාමාර්ගය කියලා. මම මේ රටේ ඉන්න බලධාරීන්ට කියනවා මෙන්න මේ වගේ වැඩ කරන අය පිළිබඳ විමර්ශනය කරන්න කියලා. මෙහෙම කරන්න හේතුව මොකක්ද,මොකක්ද කාරණය කියලා හොයන්න. මම ගෙදරටම වෙලා ඉන්න නායකයෙක් නෙවෙයි. මේ රටේ ආණ්ඩුවේ තියෙන උත්සවවලටත් මම යනවා. වෙනත් ඒවටත් මම යනවා. පන්සල්වලටත් මම යනවා. හැමතැනම මම යනවා. හැබැයි මේ යන කොයි තැනකදි හරි මට කරදරයක් වුණොත්කවුරුත් මෙතෙන්ට වගඋත්තරකරුවෙකු නැති වෙනවා.

මට ඒ එවපු ලිපිය මගේ ළඟ තියෙනවා. ඉතින් මේ ලිපියේ මාධ්‍යයකින් සමාජයට කතා කරන්න හොඳ නැති දේවල් සම්පූර්ණයෙන් ලියලා තියෙන්නේ. හැබැයි මේ ලිපිය ලියනකොට මේ ලිපිය ලියපු පුද්ගලයා හිතුවේ නෑ මේ කතා කරලා තියෙන එකට එයත් සම්බන්ධයි කියලා. මේ ලියලා තියෙන දේවල් ගැන හොඳට හිතලා බැලුවොත් ලියපු කෙනාටත් මේ ලිපියේ එක කොටසක් තියෙනවා කියලා තේරෙනවා. ඉතින් මේ ලිපිය මට තැපැල් කරලා තියෙන්නේ කුරුණෑගල නගරයෙන්.

ඉතින් මම කියන්නේ මේ රටේ නීතියක් තියෙනවා. මේ රටේ විතරක් නෙවෙයි ලෝකයේ රටවල් 136ක ආදිවාසී මිනිසුන්ගේ සංසදයේ මම එක සාමාජිකයෙක්. එතකොට මට තර්ජනය කරන්න කාටවත් අයිතියක් නෑ. මම පරම්පරාවක නායකයෙක්. මම මේ රටේ ඉන්න බලධාරීන්ට කියනවා මෙන්න මේ වගේ කරන වැඩ කරන අය පිළිබඳ විමර්ශනය කරන්න කියලා.

වසන්ත මුදලිගේ හොඳයි කියලා මම කියන්නේ නෑ. හැබැයි එයා වැරැද්දක් කරලා තියෙනවා නම් ඊට අදාළ දඬුවම දෙන්න. රටේ නීතියේ හැටියට දඬුවම් කරන්න. හැබැයි වැරැද්දක් කරල නැත්තම් එයා මාසයක් තියාගෙන හිටියත් මාස තුනක් තියාගෙන හිටියත් වැරදි කරලා නැත්තම් නෑම තමයි. අවුරුද්දක් හිටියත් වැරැද්දක් කරල නැත්තම් නෑ තමයි.ඉතින් එහෙමනම් එයා රඳවාගෙන ඉන්න එකේ තේරුමක් නෑ. තියාගෙන ඉන්න එකත් ආණ්ඩුවට වියදමක්. ඔහු ගැන පරීක්ෂණයක් කරලා වැරදි නම් අධිකරණයට ගෙනැල්ලා දඬුවම් දෙන්න. එහෙම නැත්තම් නිදහස් කරන්න.ඉතින් මේ රටේ නායකයෝ හැටියට ඉන්නේ රටේ ජනාධිපතිවරයා, අගමැතිවරයා. ඉතින් ඒ අය මේ ගැන හොයලා බලලා මේවට සාධාරණය ඉෂ්ට කරන්න කියන ඉල්ලීම මම මේ වෙලාවේ කරනවා*යනුවෙන් පැවසීය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top