ගොසිප්

අලුත උපන් තුන් නිවුන් බිළින්දන්ට කොරෝනා

(UTV | මෙක්සිකෝව)  – අලුත උපන් නිවුන් දරුවන් තිදෙනෙක්ට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට පුවතක් මෙක්සිකෝවෙන් වාර්තා වේ.

ගර්භනී කාලයේදී මවගේ වැදාමහ ඔස්සේ වෛරසය සම්ප්‍රේෂණය වූවේ ද යන්න පිළිබඳ ව වෛද්‍ය විශේෂඥයෝ පරීක්ෂණ පවත්වති.

වෛරසය ආසාදනය වී ඇති බිළින්දන් දෙදෙනෙක්ගේ තත්ත්වය යහපත් වුව ද තුන්වැනියා හුස්ම ගැනීමේ අපහසුවෙන් පෙළෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය 17 වැනිදා සැන් ලුවී පොටෝසි පළාතේ රෝහලක දී මෙම තුන් නිවුන් – පිරිමි ළමුන් 2යි ගැහැණු ළමයයි – උපත ලැබුවේය.

එරට සෞඛ්‍ය බලධාරීන් මෙම සිද්ධිය පිළිබඳ ව තම විමතිය පළ කරති.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top