දේශීය

අමෙරිකාවට යන්න අවස්ථාව මෙන්න

(UTV | කොළඹ) – 2024 සඳහා වන එක්සත් ජනපද විවිධත්ව වීසා වැඩසටහන අද (05) සිට අයදුම්පත් සඳහා විවෘත වන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව 2024 සඳහා “Green Card” වීසා වැඩසටහන සඳහා අද රාත්‍රී 09.30 සිට අයඳුම් කළ හැකි බවයි සඳහන් වන්නේ.

අදාළ “Green Card” වීසා වැඩසටහන 2022 නොවැම්බර් 08 වන දින රාත්‍රී 10.30 දක්වා ක්‍රියාත්මක වන බවයි එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ https://dvprogram.state.gov වෙබ් අඩවිය හරහා අයදුම්පත් ඉදිරිපත් කිරීමේ හැකියාව පවතිනවා.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top