දේශීය

අපේ දරුවන්ට උපාධිය 21දී

යෝජනා කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමට හැකිවුවහොත් මෙරට දරුවන් ට අවුරුදු 18 වනවිට විශ්වවිද්‍යාලය ට යෑමට වාසනාව හිමිවන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

 

අද (05) පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපන අමාත්‍යංශයට අදාළ කාරක සභා විවාදයට එක්වෙමින් ඔහු එසේ කීය.

 

ඔහු පැවසුවේ මෙරට සිසු සිසුවියන්ට වයස අවුරුදු 21 වනවිට විශ්වවිද්‍යාල උපාධියක් හිමිකර ගැනීමට යෝජනා කර ඇති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව අවස්ථාව හිමිවන බවයි.

 

අපොස සාමාන්‍ය පෙළ, සහ ශිෂ්‍යත්ව විභාග සඳහා ද වෙනස්කම් යෝජනා කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top