දේශීය

අද සිට විශේෂ ජංගම එන්නත්කරණ වැඩසටහනක්

(UTV | කොළඹ) – විශේෂ ජංගම එන්නත්කරණ වැඩසටහනක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අද (12) සිට ආරම්භ කිරීමට නියමිත ව තිබෙනවා.

බස්නාහිර පළාත තුළ මෙතෙක් එන්නත් ලබාගෙන නොමැති වයෝවෘධ පුද්ගලයින් සහ විවිධ අවශ්‍යතා සහිත පුද්ගලයින් සඳහා මෙය ක්‍රියාත්මක කරන බව ශ්‍රි ලංකා යුද හමුදාව සඳහන් කළා.

ඒ අනුව මෙම ජංගම එන්නත්කරණ වැඩපිළිවෙළ අද ශ්‍රී ජයවර්ධනපුර පිහිටි යුද හමුදා මූලස්ථාන පරිශ්‍රයේ දී ආරම්භ වීමට නියමිත යි.

යුද හමුදා වෛද්‍ය බලකායේ වෛද්‍ය කණ්ඩායම් ඇතුළු ව විශේෂ ජංගම රථ 10ක් මේ සඳහා සූදානම් කර තිබෙනවා.

මෙම ජංගම එන්නත්කරණය සිදු කර ගැනීමට අවශ්‍ය මහජනතාව 011 -2 860 002 හෝ 1906 යන දුරකතන අංක අමතා ලියාපදිංචි වීමෙන් එන්නත්කරණය සිදු කර ගැනීමේ හැකියාව පවතින බව ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කළා.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top