දේශීය

අද සිට දිවයින පුරා විදුලිය විසන්ධි වන්නේ මෙහෙමයි

(UTV | කොළඹ) – අද (18) සිට ක්‍රියාත්මක වන පරිදි දින 4ක්,  දිනකට පැයක කාලයක් දිවයිනම කලාප 4 කට බෙදා  විදුලිය විසන්ධි කරන බව විදුලිබල මණ්ඩලයේ සභාපති ඉංජිනේරු විජිත හේරත් මහතා පවසයි.

ඒ අනුව, පස්වරු 6 සිට 7 දක්වාත්, පස්වරු 7 සිට රාත්‍රී 8 දක්වාත්, රාත්‍රී 8 සිට 9 දක්වා සහ රාත්‍රී 9 සිට 10 දක්වාත් විදුලිය විසන්ධි කරනු ලබයි.

පද්ධතියේ ජනන සැපයුම යථා තත්ත්වයට පත්වන තෙක් මෙම විදුලි විසන්ධි කිරීම සිදු කිරීමට සිදු වන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top