Coronavirus Outbreak

අද මෙතෙක් කිසිඳු ආසාදිතයෙකු වාර්තා වී නැහැ

(UTV | කොවිඩ් 19 ) – අද (08) පස්වරු 6.30 වන විට කොරෝනා ආසාදිත කිසිදු නව රෝගියෙකු වාර්තාවී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 824 ක්.

සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව 240 ක් වන අතර , ඉන් 575 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවෙයි.

මේ අතර ඊයේ (07) දිනයේදී PCR පරීක්ෂණ 1553 ක් සිදුකර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියා සිටියේය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top