දේශීය

පළාත් කිහිපයකට අදත් තද වැසි

(UTV | කොළඹ ) – අද (20) දිනයේදී ද අම්ෆන් සුළිකුණාටුව හේතුවෙන් සබරගමුව, බස්නාහිර, දකුණ හා මධ්‍යම පළාත් වලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකියි.

නුවරඑළිය , රත්නපුර , කෑගල්ල , කලුතර , ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දිවයින හරහා සුළගේ වේගය පැයට කිලෝමීටර් 50 ත් 60 ත් අතර අගයකට ඉහල යා හැකි බවද කාළගුණ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

ගිං , කලු , නිල්වලා , මහවැලි සහ කැළණි ගංගාවල පහත්බිම් වල වාසය කරන ජනතාවට ගංගා ජල මට්ටම් ඉහළ යාම සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසආපදා කළමණාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

ගිං ගඟ තවලම ප්‍රදේශයෙන් මහා ගංවතුර මට්ටමක පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද අලුයම 4 ට නිකුත් කල නිවේදනයේ සඳහන් වේ.

නිල්වලා ගග පිටබැද්දර ප්‍රදේශයෙන් සුලු ගංවතුර මට්ටමකද පානදුගම සහ ඌරව ප්‍රදේශවලින් අවධානය යොමුකල යුතු මට්ටමකද පවතියි.

කලු ගඟ රත්නපුර ප්‍රදේශයෙන් තවමත් සුලු ගංවතුර මට්ටමකයි පවතින අතර එය මිල්ලකන්ද ප්‍රදේශයෙන් ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මහවැලි ගඟ නාවලපිටිය ප්‍රදේශයෙන්ද සුලු ගංවතුර තත්වයක පවතින එමෙන්ම කැළණි ගග හොලොම්බුව සහ නෝර්වුඩ් ප්‍රදේශවලින්ද ඉහළ ජල මට්ටමකයි පවතියි.

මේ අතර දිස්ත්‍රික් 10 කට බල පැවැත්වෙන පරිදි නිකුත් කල නායයාම් අනතුරු ඇගවීම අද පෙරවරු 9 දක්වා බලාත්මකයි.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ගාල්ල , මාතර , රත්නපුර , කලුතර , කෑගල්ල , මහනුවර , කොළඹ , මාතලේ , කුරුණෑගල සහ නුවරඑළිය දිස්ත්‍රික් සඳහා මෙම අනතුරු ඇගවීම නිකුත් කර ඇත.

රත්නපුර , අයගම , කලවාන , ඇලපාත සහ කිරිඇල්ල ප්‍රදේශවලට පැනවු නායයාමේ රතු නිවේදනයද තවදුරටත් බලාත්මක බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

අයහපත් කාළගුණ තත්වය හමුවේ මේ වනවිට සිදුව ඇති මරණ සංඛ්‍යාව 7 කි.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top