විදෙස්

අගමැති නවාෆ් ශරීෆ්ට අළුත් ප්‍රශ්න පත්‍රයක්

(UTV|පාකිස්ථානය) – පාකිස්ථානයේ හිටපු අගමැති නවාෆ් ශරීෆ්හට වෙත එරට වගවීමේ අධිකරණය මගින් ප්‍රශ්න පත්‍රයක් යොමු කර තිබේ.

එම ප්‍රශ්න පත්‍රය, ප්‍රශ්න සියයකට වැඩි සංඛ්‍යාවකින් සමන්විත වන බව වාර්තාවේ.

ඒ ඔහුගේ දියණිය සහ බෑණාට අයත් ලන්ඩනයේ සුපිරි නිවහනක් ඇතුළු දේපල සම්බන්ධයෙනි.

නවාස් ශරීෆ්ගේ පවුලේ සාමාජිකයන් වෙත පාකිස්ථාන වගවීමේ අධිකරණයේ දූෂණ චෝදනා 3 ක් ගොනුකර ඇත.

පාකිස්ථාන ජාතික වගවීමේ කාර්යාංශය මෙම නඩු ගොනුකළේ පැනමා ලියවිලි සම්බන්ධයෙන් වූ එරට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් අනතුරුවය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top