දේශීය

වැල්ලම්පිටිය පුද්ගල ඝාතනයට සැකකාරියක් අත්අඩංගුවට

වැල්ලම්පිටිය කිත්තම්පහුව පාර ප්‍රදේශයේ ඉකුත් 28 වනදා පුද්ගලයෙකුට වෙඩිතබා සිදුකළ ඝාතනයට අදාළව පොලීසිය විසින් සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

වයස අවුරුදු 33ක් වන මෙම සැකකාරියව ඊයේ (31) අත්අඩංගුවට ගෙන ඇති අතර මරණකරු සමග සමීප සම්බන්ධතාවයක් පවත්වා තිබූ බව හෙළිවී ඇත.

 

ඇය කොළඹ 15 ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියකි.

 

සැකකාරියගෙන් ප්‍රශ්න කිරීමේදී විදේශ රටක සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් සහ අපරාධකරුවෙක් වන පුද්ගලයෙකු සමග දුරකථන මාර්ගයෙන් සම්බන්ධතා පැවැත්වූ බවට හෙළිවී ඇත.

 

තවද ඔහුගේ දැනුම්දීම මත මරණකරු සමග සමීප සම්බන්ධතාවක් පවත්වා මරණකරු සමග කුලී ගමනක් යෑමේ මුවාවෙන් සිද්ධිය වූ ස්ථානය වෙත කැඳවාගෙන පැමිණි පසු වෙඩික්කරුවන් විසින් වෙඩිතබා ඇති බවටද තොරතුරු අනාවරණය වී තිබේ.

 

මෙම ඝාතනයට ආධාර අනුබලදීම වෙනුවෙන් සැකකාරියට මුදල් ගෙවීමක් ද සිදුකර ඇති අතර එලෙස මුදල් ලබාදී ඇති සැකකරුව ඉකුත් 31 වනදා අත්අඩංගුවට ගෙන තිබුණි.

 

එහිදී ඔහු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් රුපියල් 1,759,980ක්, දුරකථන 09ක් සොයාගෙන ඇත.

 

සැකකරු 41 හැවිරිදි කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

 

මෙම සැකකරු විදෙස්ගතවී සිටින ඉහත සඳහන් කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ මුදල් පරිහරණය කරන බවත් අදාළ ඝාතනයෙන් පසු සැකකාරියට සහ වෙඩික්කරුවන්ට මුදල් ලබාදී ඇති බවටද අනාවරණය වී ඇත.

 

ඒ අනුව සැකකරු සහ සැකකාරිය වැඩිදුර විමර්ශන සඳහා වැල්ලම්පිටිය පොලීසිය වෙත භාරදී තිබුණි.

 

ඔවුන් අද (01) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top