දේශීය

වාහනවල වායු විමෝචනය මැනීම විධිමත් කිරීමට අවධානය

කොළඹ දිස්ත්‍රික්කයේ වායු විමෝචනයෙන් 70%ක් පමණ අහිතකර තත්ත්වයකට පත්වීමට හේතුව වාහන දුම බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි.

 

රථ වාහන පොලිස් නිලධාරීන් දැනුම්වත් කිරීමට කොළඹ පැවති උත්සවයකදී ඔහු වැඩිදුරටත් පැවසුවේ, ඉදිරියේදී වාහන ධාවනය කරන අවස්ථාවලදී වායු විමෝචනය මැනීමේ ක්‍රමවේදයක් සකස් කරන බවය.

 

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා,

 

“කොළඹ දිස්ත්‍රික්කය වායු විමෝචන තත්ත්වයෙන් අහිතකර තත්ත්වයකට පත්වෙලා. වාහනවලින් පිටවෙන දුම තමයි මේකට සියයට 60ක 70ක දායකත්වයක් දරන්නේ. පාරේ වාහනයක් දුම දාගෙන යනවා නම් මහජනතාවට පුළුවන් ඒකේ ෆොටෝ එකක් අපිට වට්ස්ඇප් කරන්න. ඒ වගේම අපි ලංකාවේ සියලුම පොලීසි එකතු කරගෙන වට්ස්ඇප් ගෘෘප් එකක් හදනවා. ඒ හරහා පාරේ දකින ඕනෑම වාහනයක අංකය විතරක් අපිට ඇති. තහනම් නියෝග අරගෙන කටයුතු කරන්න පුළුවන්. එහෙම නැතුව මේක පාලනය කරන්න අමාරුයි. ඉදිරියේදී පරීක්ෂණ කටයුතුත් වැඩිදියුණු කරනවා.”

Click to comment


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top