දේශීය

මෙරට තුළ සිදුවන මරණවල ක්‍රමික වර්ධනයක්

මෙරට තුළ සිදුවන මරණවල ක්‍රමික වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.

 

පසුගිය වසර දෙකක කාලය තුළ සිදුකළ සොයාබැලීම්වලදී මෙම තත්ත්වය දැකගත හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

ඒ අනුව 2012 වසරේ ජුලි සිට 2013 වසරේ ජුනි දක්වා මෙරට තුළ ලියාපදිංචි මරණ සංඛ්‍යාව 125,626ක් ලෙස වාර්තා වුවද 2022 වර්ෂයේ ජුනි මාසයේ සිට 2023 වර්ෂයේ ජුනි මාසය දක්වා මෙරට තුළ සිදුව ඇති මරණ සංඛ්‍යාව 190,600ක් බව වාර්තා වේ.

 

2022 වර්ෂයට වඩා 2023 වර්ෂයේ දී මෙරට මධ්‍ය වාර්ෂික ජනගහණ වර්ධනය 144,345ක් දක්වා අඩුවී ඇති බවද එම වාර්තා පෙන්වාදෙයි.

 

ඒ අනුව උපත්වල ක්‍රමික අඩුවීමක් පෙන්නුම් කරන අතර මරණවල ක්‍රමික වැඩිවීමක් පෙන්නුම් කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 

කෙසේවෙතත් මෙම මරණවල ක්‍රමික ඉහළ යාමට හේතුව නිශ්චිතව හඳුනාගෙන නොමැති අතර මෙරට තුළ පැවැති කොවිඩ් ව්‍යාප්තියෙන් පසුව මෙම තත්ත්වය ඉහළ යාමක් දක්නට ලැබෙන බවද වාර්තා වේ.

 

කොවිඩ් එන්නත්කරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශව තුළ විවිධ මත පැවතිය ද ඒ සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු මේ දක්වාත් වාර්තා වී නොමැත.

 

ලෝකයේ සාමාන්‍ය වාර්ෂික මරණ සංඛ්‍යාව සියයට 15 සිට සියයට 45 දක්වා අතර ප්‍රතිශතයකින් ඉහළ යාම මේ වන විට දක්නට ලැබෙන ප්‍රවණතාවක් බවද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වාදෙයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

To Top